මාතර - Matara
මාතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් වන අතර එය කොළඹ සිට කි.මි. 160 දුරින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර මාතර නගරය මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන නගරය ද වේ .
Matara (Sinhalese: මාතර, Tamil: மாத்தறை) (originally Mahathota) is a major city in Sri Lanka, on the southern coast of Southern Province, 160 km from Colombo. It is a major commercial hub, and it is the administrative capital of Matara District.
සංචාරක ආකර්ෂණ
වෙහෙරහේන විහාරය
මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මේ වනවිට ලෝකයේ තිබෙන උමං විහාරයක් සහිත විශාලතම බෞද්ධ සිද්ධස්ථානයයි. මෙම විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනුයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර පරවාහැර රේවත නාහිමිපාණන්වහ්නසේයි.
රේවත නාහිමිපාණන් වහන්සේ වෙහෙරහේනට වැඩම වන විට වෙහෙරහේන සතුව සතුව තිබුනේ
අක්කර භාගයක් තරම් වූ බිම් ප්‍රමාණයකි. උන්වහන්සේ වෙහෙරහේනට ආවේ හිස්
අතිනි. ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උන්වහන්සේ මෙහි වැඩම වන විට රැගෙන
ආවේ බ්ලැන්කේට්ටුවත් පැදුරත් පාත්‍රයත් පමණි. මෙහි වැඩම කළ උන්වහන්සේ
දකින්නට ලැබුණේ දස අතම කැලෑව පමණි. කැලෑව හෙලි පෙහෙලි කළ උන්වහන්සේ
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කටු මැටියෙන් කුඩා ආරාමයක් තනවා ගත්හ. එහි කාලය
ගත කළ උන්වහන්සේ වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය නිර්මාණය කිරීමේ
කටයුතු කර ගෙන යෑම ආරම්භ කරන ලදි. මේ සඳහා උන්වහන්සේට අදහසක් පහළ වූයේ එවකට
බෞද්ධ පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ අනගාරික ධර්මපාල තුමන් සමග දෙස්
විදෙස්හි ධර්මප්‍රචාරක කටයුතුවල නිරතව සිට්ද්දී ලබන ලද අත්දැකිම්වලිනි. ඒ
අනුව වර්ෂ 1939 මාර්තු මස 05 වන දින අනගාරික ධර්මපාල
තුමාගේ පින්බර සුරතින් මුල්ගල් තබා මෙහි නිර්මාණ කටයුතු ආරම්භ කරන ලදි.
සාරිපුත්‍ර නම් ප්‍රතිමා නෙලීමේ සම්ප්‍රදාය අනුව මෙහි පිළිම වහන්සේ
නිර්මාණය කර තිබෙන අතර, පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වන උම්මග්ග ජාතකයේ
එන උමංදාව සිහි ගන්වමින් උමං විහාරය නිර්මාණය කර තිබේ. උමං විහාරයේ හා
පිළිම වහන්සේගේ ආරක්ෂාවට තනන ලද නවමහල් විහාර මන්දිරයේ පන්සිය පනස් ජාතක
කතා චිත්‍රයට නගා තිබේ. මෙසේ රේවත නාහිමිපාණන් වහන්සේ විසින් ඉදි කිරිම්
කටයුතු කරගෙන ගියහ නමුත් උන්වහන්සේට මෙම නිර්මාණයේ කටයුතු අවසන් කරගැනිමට
නොහැකි විය. පිළිම වහන්සේගේත් නවමහල් විහර මන්දිරයේත් මහල් දෙකක කටයුතු
අවසන් කළ උන්වහ්නසේ 1968 දී තරමක් රෝගාතූර විය. මෙම නිසා මෙහි කටයුතු අතරමඟ
නවතා දමන ලදි. මෙසේ රෝගාතූර වූ උන්වහ්සේ 1968 අගොස්තු මස 13 වන දින අපවත්
වී වදාලහ.
මාතර බෝධිය
මාතර බෝධිය ශ්‍රී ලංකාවේ මාතර පිහිටි පූජනීය බෝ වෘක්ෂයකි.
පරවි දූව
පරවි දූව මාතර නගරයේ වෙරළ තීරයට ඉතා ආසන්නව පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයක් සහිත කුඩා දූපතකි. එය මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපස මුහුද මැද පිහිටා ඇත. එයට පිවිසීම සඳහා පාලමක් ඉඳි කර ඇත. එය කිහිප වරක්ම විටින් විට අලුත්වැඩියා කරනු ලැබ ඇත. එය සංචාරකයන්ගේ ද බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.
මාතර බලකොටුව
මාතර බලකොටුව 1560 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. ලන්දේසින් විසින් ගාල්ල අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1640 වසරේදීද බලකොටුව යලි ගොඩනැංවුණි.
මාතර ඔරලෝසු කණුව
ශ්‍රී ලංකාවේ, මාතර බළකොටුවේ කොටුපවුර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන් විසින් ලන්දේසි ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවකි.
ක්‍රි.ව. 1765 දී ලන්දේසීන් විසින්, මෙම ඔරලෝසු කණුව නිමවන ලදී. නමුත් සමහර මූලාශ්‍රයන්, මෙම ඔරලෝසු කණුව ක්‍රි.ව. 1883 දී බ්‍රිතාන්‍යයන් විසින් නිමවන ලද්දක් බැව් සඳහන් කරයි.
මාතර තාරකා කොටුව
මාතර තාරකා කොටුව, ශ්‍රී ලංකාවේ මාතර නගරයෙහි, දොරටුවේ සිට මාතර කොටුවට ආසන්න වශයෙන් මීටර් 350 ක් (අඩි 1,150) දුරින් නැගෙනහිර නිල්වලා ගං ඉවුරේ පිහිටා ඇති කොටුවකි. 1765 වර්ෂයෙහි ලන්දේසීන් විසින් ඉදිකර ඇති මෙම කොටුව මුලින් හඳුන්වා ඇත්තේ “ර’ ඩූට් වන් එක්” (Redoute Van Eck) යන නමිනි.
වර්ෂ 1640 වන විට ලන්දේසීන් මාතර ප්‍රධාන බල කොටුව ඉදි කර තිබූ නමුත් එය රට තුලින් පැමිණෙන ප්‍රහාර වලින් අවදානමකට ලක්විය හැකි බව සොයා ගන්නා ලදී. වර්ෂ 1762 දී මහනුවර රාජධානියේ පිටු බලය රැගත් සිංහල හමුදා කොටුවට පහර දී එහි බලය අත්පත් කර ගත්හ. 1763 හිදී ලන්දේසීන් කොටුවෙහි පාලනය නැවත ලබා ගත් අතර එම වර්ෂයෙහිදී ගංඟාවෙන් බිහි වන ප්‍රහාර වලින් ප්‍රධාන කොටුව රැක ගැනීම සඳහා නැගෙනහිර නිල්වලා ගං ඉවුරෙහි තවත් කුඩා කොටුවක් ඉදිකිරීම ආරම්භ කළහ.මෙම තාරකා කොටුව, සෑම දිශාවකම ප්‍රවේශයන් ආවරණය කිරීමට විශාල කාලතුවක්කු 12 ක් සඳහා අවකාශය සපයන කොන් හයේ තරුවක අසමසම හැඩයකින් ඉදි කර ඇත. ප්‍රකාර බෑවුම හෙවත් පිටත බිත්තිය මීටර් 7.5 (අඩි 25) පමණ පළල අතර මීටර් 6ක් (අඩි 20) පළල හා මීටර් 3.1 ක් (අඩි 10) ගැඹුරු දිය අගලකින් වට වී ඇත. කොටුවේ ප්‍රාකාර බිත්ති ග්රැනයිට් පාෂාණ සහ කොරල් වලින් ඉදිකර ඇති අතර අඩි 14 ක් (මීටර් 4.3) පළල වේ. ප්‍රධාන බල කොටුවෙන් ආධාර ගෙන ශක්තිමත් වීමට පෙර, ප්‍රහාරයක් දරා ගැනීමට අවශ්‍ය කුඩා ආරක්ෂක සේනාවක්, ආහාර සැපයුම් හා ප්‍රමාණවත් තරම් උණ්ඩ රඳවා තබා ගැනීමට මෙම කොටුව ඉදිකර ඇත. තවද කොටුව තුල සිර මැඳිරි 2 ක් හා එහි මධ්‍යයේ ජලය සැපයීමට මීටර් 2.75 (අඩි 9) ක විෂ්කම්බයක් සහිත ලිඳක් ද පැවතින. කාණු පද්ධතිය අභ්‍යන්තර වූ අතර මෝසම් වැසි වලින් එකතු වූ ජලය දිය අගල කරා බැහැර කරන ලදී. ප්‍රධාන දොරටුවට ඉහළින් කොටුවේ ඉදිකළ දිනය (1765), ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනය සහ ප්‍රාකාර සිංහ රූප දෙකක් පසකින් ගත් ආණ්ඩුකාර ලාංඡනය ඔබ්බවා ඇත. කොරල් වලින් පිරියම් කර ඇති තාරකා කොටුවේ පිවිසුම් දොරටුව “ර’ ඩූට් වන් එක් 1763”ලෙස සරසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාර ලූබර්ට් ජන් බැරෝන් වන් එක් (1719 - 1765) අනුස්මරණය කරමිනි. ගොඩනැගිල්ලේ වහලය මුලින් පොල් අතු වලින් සෙවිලි කර තිබූ අතර පසුව මැටි උළු වලින් ප්‍රතිස්ථාපනය කරන ලදී.
මෙම කොටුව ලන්දේසීන් විසින් ඉදිකළ අවසාන ප්‍රධාන ආරක්ෂක ස්ථම්භය ලෙස සැලකෙන නමුත් එහි ඵලදායීතාව ඔප්පු කිරීමට කිසිදිනෙක අවස්ථාව නොලැබිණි. 1796 දී ශ්‍රී ලංකා භූමිය යටත් කර ගැනීමත් සමග ලන්දේසීන් කොටුව බ්‍රිතාන්‍යන් වෙත භාර දුන්හ. බ්‍රිතාන්‍යන් එය පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කල අතර 1965 සිට, 1975 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අත්කර ගන්නාතුරු එය පුස්තකාලයක් ලෙස භාවිත කරන ලදී. කොටුව පසුව ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැනට මාතර ඉතිහාසය එලි දක්වන කෞතුකාගාරයකට ඉඩ පහසුකම් සපයයි.
Comments
Post a Comment