මාතර - Matara

මාතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් වන අතර එය කොළඹ සිට කි.මි. 160 දුරින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර මාතර නගරය මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන නගරය ද වේ . Matara (Sinhalese: මාතර, Tamil: மாத்தறை) (originally Mahathota) is a major city in Sri Lanka, on the southern coast of Southern Province, 160 km from Colombo. It is a major commercial hub, and it is the administrative capital of Matara District. සංචාරක ආකර්ෂණ වෙහෙරහේන විහාරය මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මේ වනවිට ලෝකයේ තිබෙන උමං විහාරයක් සහිත විශාලතම බෞද්ධ සිද්ධස්ථානයයි. මෙම විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනුයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර පරවාහැර රේවත නාහිමිපාණන්වහ්නසේයි. රේවත නාහිමිපාණන් වහන්සේ වෙහෙරහේනට වැඩම වන විට වෙහෙරහේන සතුව සතුව තිබුනේ අක්කර භාගයක් තරම් වූ බිම් ප්‍රමාණයකි. උන්වහන්සේ වෙහෙරහේනට ආවේ හිස් අතිනි. ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උන්වහන්සේ මෙහි වැඩම වන විට රැගෙන ආවේ බ්ලැන්කේට්ටුවත් පැදුරත් පාත්‍රයත් පමණි. මෙහි වැඩම ...